colombotimes.lk
සිංහල | English

17 September 2024


අයිස් සමඟ සැකකරුවෙක් දෙමටගොඩදී අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 550ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දෙමටගොඩ පොලිස් වසමේ ඇල්බියන් පටුමග ප්‍රදේශයේදීයි.

දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ දෙමටගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

(colombotimes.lk)