colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 WC 2024 | අප්‍රිකාව අඛණ්ඩව 5වන තරගයත් ජය ගනී



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය ආරම්භ කරමින් ඊයේ (19) පැවති තරගය ඇමරිකාවට එරෙහිව ලකුණු 18කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇමරිකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 194ක් රැස් කළා.

Quinton de Kock ලකුණු 74ක් සහ Aiden Markram ලකුණු 46ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වුණේ ලකුණු 176ක් පමණයි.

(colombotimes.lk)