colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 WC 2024 | බංගලියන් සුපිරි අටේ ස්ථානය තහවුරු කරයි



2024 T20 ලෝක කුසලානයේ නේපාලය සහ බංගලාදේශය අතර අද (17) පැවති තරගය ලකුණු 21කින් ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නේපාලය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වුණේ ලකුණු 106ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වුණේ ලකුණු 85ක් පමණයි.

ඒ ආනුව බංගලාදේශ කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් සමඟින් සුපිරි 8 වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත්වුණා.

(colombotimes.lk)