colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 WC 2024 | පළමු කාණ්ඩයේ පෙරමුණ එංගලන්තයට



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ කොදෙව් කණ්ඩායමට එරෙහිව අද (20) පැවති තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 180ක් රැස් කළා.

ලකුණු 181ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී තරගය ජයගත්තා.

මෙම තරගය ජයගත් එංගලන්ත කණ්ඩායමට සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ පෙරමුණ හිමි වුණා.

(colombotimes.lk)