colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 WC 2024 - NED Vs SL | සියල්ල අවසානයේ 200 පන්නයි



2024 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත්වුණා.

කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැඟින් රැස් කළා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 202ක්.

(colombotimes.lk)