colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 WC 2024 | අවසානයේ සිංහයන් නම්බුව බේරා ගනියි



2024 T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත්වුණා.

ඒ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 83කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත්වුණා.
 
කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 118ක් පමණයි.

(colombotimes.lk)