colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 WC 2024 | ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන්ම ගෙදර එවයි



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවත් වී තිබෙනවා.

ඒ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු වටයේ මේ වන විට සහභාගි වූ තරග තුනෙන් දෙකක්ම පරාජය වූ අතර, එක් තරගයක් වර්ෂාව නිසා අතහැර දැමුණා.

කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමට තිබූ අවසන් බලාපොරොත්තුව ද සුන් වූයේ ඊයේ (13) බංගලාදේශ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයේ දී බංගලාදේශය ජය ගැනීමෙන්.


(colombotimes.lk)