colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 WC 2024 | පළමු වටය අවසන් කරමින් කොදෙව්වන්ට විශිෂ්ට ජයක්



2024 T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව ලකුණු 104කින් ජයග්‍රහණය කිරීමට කොදෙව් කණ්ඩායම අද (18) සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 218ක් රැස් කිරීමට සමත්වුණා.

Nicholas Pooran ලකුණු 98ක් සහ Johnson Charles ලකුණු 43ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 114ක් පමණයි.

මේ අතර 2024 T20 ලෝක කුසලානයේ පළමු වටයේ තරග අදින් අවසන් වුණා.

මීළඟට පැවැත්වෙන සුපිරි 8 දෙනාගේ තරග වටය ආරම්භ කරමින් හෙට (19) රාත්‍රී 8.00ට ඇමරිකාව සහ දකුණු අප්‍රිකාව තරග වදිනවා.