colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 WC 2024 - WI Vs NZ | නවසීලන්තය කොදෙව්වන්ට පරදියි



2024 T20 ලෝක කුසලානයේ නවසීලන්ත කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර අද (13) පැවති තරගය ලකුණු 13කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක කොදෙව්වන් සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස් කළා.

ජයග්‍රහණය සඳහා ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වුණේ ලකුණු 136ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ජය ගත් කොදෙව් කණ්ඩායම C කාණ්ඩයේ පෙරමුණ හිමි කරගත්තා.

(colombotimes.lk)