colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 WC 2024 | සිංහයන්ගේ ඉරණම කිවියන්ටත් - පෙරළිකාර ඇෆ්ගනිස්ථානය සුපිරි 8ට



2024 T20 ලෝක කුසලානයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ පැපුවා නිව් ගිනියා කණ්ඩායම අතර අද (14) පැවති තරගයෙන්
කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් පැපුවා නිව් ගිනියා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 95ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 15යි එක් පන්දුවක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මෙම තරගය ජය ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කළ තරග 3ම ජයගනිමින් ප්‍රසාද ලකුණු 6ක් සමඟින් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව C කාණ්ඩයෙන් මේ වන විට කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සුදුසුකම් ලබා අවසන්.

එම නිසා ප්‍රබල නවසීලන්ත කණ්ඩායමටද ශ්‍රී ලංකා කණ්ඩායම මෙන් මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවුණා.

(colombotimes.lk)