colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 WC 2024 | A කාණ්ඩයෙන් ඇමරිකාව සුපිරි 8ට - පාකිස්ථානයත් ශ්‍රී ලංකාවේ බෝට්ටුවට



2024 T20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (14) ඇමරිකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළා.

ඒ අනුව එම කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමි වුණා.

එම ප්‍රසාද ලකුණත් සමඟින් ප්‍රසාද ලකුණු 5ක් හිමි කරගත් ඇමරිකා කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.

එමෙන්ම මීට පෙර ඉන්දීය කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයේ සිය ස්ථානය කල්වේලා ඇතිවම වෙන් කර තිබුණා.

ඒ අනුව A  කාණ්ඩයෙන් ඇමරිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත් අතර ප්‍රබල පාකිස්ථානයට ශ්‍රී ලංකාවට මෙන් පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වනවා.

(colombotimes.lk)