colombotimes.lk
සිංහල | English

17 September 2024


තරුෂිගේ සහ කාලිංගගේ ඔලිම්පික් සිහිනය සැබෑ වෙයිද? | EXCLUSIVE



ශ්‍රී ලංකාවේ සුපිරි ධාවන ශූරයින් වන තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාරගේ මෙවර ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලට සහභාගී වනවාද යන්න තීරණය මේ මස අග වන විට දැන ගැනීමට හැකියාව තිබෙනවා.

ඔවුන් දෙදෙනා නියෝජනය කරන ඉසව්වලින් ඔලිම්පික් උළෙලට සහභාගී වීමට සුදුසුකම් හිමිවන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින 48දෙනා පමණයි.

ඒ අනුව මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල කාලිංග කුමාරගේ 53 වන ස්ථානයේ පසුවන අතර තරුෂි කරුණාරත්න 47 වන ස්ථානයේ පසුවනවා.

මේ වන විට ලංකාවේ 25,26, 27, යන දිනයන්හි ජාතික ක්‍රීඩා උළෙල දියගම මහින්ද විද්‍යාලයේ පැවැත්වීමට නියමිත අතර ඔලිම්පික් සඳහා තරගකරුවන් තෝරා ගන්නා අවසන් වටය මේ මස අගභාගයේ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.

මෙම තරග දෙකේ සහ ලෝකයේ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අනුව ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින 48දෙනා ඔලිම්පික්වලට සුදුසුකම් ලබන බවයි වාර්තා වෙන්නේ.

තවමත් ඔලිම්පික් යාමට හැකියාව තිබේ දැයි සනාථ කිරීමට නොහැකි වුවත් ඔවුන් සියලු දෙනාටම ඔලිම්පික් වරම් ලැබේවායි Colombo Times අපේ පැතුමයි.
(colombotimes.lk)