colombotimes.lk
සිංහල | English

17 September 2024


දකුණු අප්‍රිකානු මහ මැතිවරණය අද



දකුණු අප්‍රිකාවේ ජාතික මැතිවරණය අද (29) දින පැවැත්වෙනවා.

ඒ අනුව ඡන්දය භාවිතා කිරීමට මිලියන 27.8ක ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

දකුණු  අප්‍රිකාවේ සමස්ත ජන ගහනය මිලියන 62ක් වුවත් ඡන්දය භාවිතයට සුදුසුකම් ලබා තිබෙන්නේ ඉන් අඩකටත් වඩා අඩු පිරිසක් වීම විශේෂත්වයක්.

එමෙන්ම විදෙස්ගත දකුණු අප්‍රිකානුවන්ට ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව මැයි 17 සහ 18 යන දිනයන්හි හිමි වී තිබෙනවා.
(colombotimes.lk)