colombotimes.lk
සිංහල | English

17 September 2024


යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වෙයි



යල කන්නයේ වී අස්වනු නෙලීම මේ දිනවල බොහෝ ප්‍රදේශවල ආරම්භ වී තිබෙනවා.

වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ වී අලෙවි කිරීමේදී ගොවීන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට රජය කටයුතු කරන බවයි.

ඒ පිළිබඳ විසදුම් සාකච්ඡා කිරීමට අද (08) කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් අතර විශේෂ හමුවක් පැවැත්වෙන බව එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළා.

(colombotimes.lk)