colombotimes.lk
සිංහල | English

26 August 2024

Be Happy | ලොව භයානකම ආහාර වර්ග



ලෝකයේ ජීවත්වෙන මිනිස්සු වගේම ​ඒ අයගෙ ​​​ආහාර රටාවනුත් හරිම විවිධාකාරයි. කෙනෙක්ට අතිශයින් රසවත් ​​​ආහාරයක් තවත් කෙනෙක්ට බොහොම අප්‍රියජනක වෙන්න පුළුවන්. ​ඒ වගේම තමයි, හරිහැටි කරුණු නොදැන ​​​ආහාරයට ගන්නා සමහර ​​​ආහාර අතිශයින් භයානක සෞඛ්‍ය අවදානම් ​​ඇති කරන්නත් පුළුවන්. අද Be Happy අරගෙන ආවේ ලෝකයේ තිබෙන භයානකම ​​​ආහාර වර්ග 7ක් ගැනයි.

කිඩ්නි බීන්ස්

කිඩ්නි බීන්ස් එහෙමත් නැත්නම් රතු බෝංචි ඇට කියන්නේ ගොඩක් පෝෂදායි ආහාරයක්. නමුත් අමු කිඩ්නි බීන්ස් වල ෆයිටෝහිමොග්ලුට්නින් නම් විෂ රසායනිකයක් ඇතුළත් වෙනවා. ඒ නිසා කිඩ්නි බීන්ස් අමුවෙන් කන්න හොඳ නැහැ වගේම හොදින් තම්බන්නේ නැතුව කන්නත් හොද නැහැ. ඒ නිසා මේවා රැයක් පෙගෙන්නට තබා විනාඩි 10කට වැඩි කාලයක් හොඳින් තම්බා ගන්න ඕනේ. විෂ වුණොත් වමනය, හිසේ කැක්කුම් සහ උදරාබාධ ඇති වෙන්න පුළුවන්.

ලෝකයේ භයානකම කෑම වර්ග 7ක් - Lifie.LK

කසු මර්සු (Casu Merzu)

මේ චීස් වර්ගයේ නමේ තේරුමත් කුණු චීස් යන්නයි. ලොව තිබෙන චීස් වර්ග අතුරින් ඉතාම අප්‍රසන්න චීස් වර්ගයක් තමයි මේ. මේ කසු මර්සු හදන්නේ බැටළු කිරි වලින් හදන චීස් වල පණුවන් වැඩෙන්න දීලා. මේ චීස් කෑමේදී පණුවන් කැවෙන්න ඉඩ තියෙන නිසා සමහර රට වල මෙය තහනමට ලක් කරලා තියෙන්නේ. අපිරිසිදු ක්‍රමවේදයට සකස් කරන මේ චීස් මගින් නොයෙකුත් සෞඛ්‍ය අවධානම් ඇති වීම ඊට හේතුවයි.

Casu martzu - Wikipedia

රුබාබ් (Rhubarb)

ලංකාවෙත් නුවරඑළියේ වගා කරන මේ එළවලු වර්ගයේ කොළ වල ඔක්සලික් නම් විෂ පවතින නිසා මේ කොළ කෑමෙන් ජීවිත අවධානමක් ඇති වෙන්න පුළුවන්. මේ රුබාබ් කොළ ස්වල්ප වශයෙන් ආහාරයට ගැනීම නිසාත් සෞඛ්‍ය ගැටළු ඇති වෙන්න පුළුවන්. උගුරේ සහ ඇස් වල වේදනාවන්, කරකැවිල්ල, ශ්වසන අපහසුතා සහ පාචනය වගේ තත්වයන් පවා ඇති වෙන්න පුළුවන්.

Rhubarb: Planting, Growing, and Harvesting Rhubarb | The Old Farmer

හකාල් (Hakarl)

අයිස්ලන්ත ජනයා අතර ජනප්‍රිය මෝර මාළු වර්ගයකින් හදන හකාල් කරවල, කාලයක් පරණ කරලයි හදන්නේ. මෝර මාළුවා තරමක වලකට දාලා උඩින් වැලි, බොරළු දාලා වහලා මාස 3ක් තියනවා. පස්සේ ගොඩ අරන් කෑලි කපලා එල්ලලා මාස ගානක් වේලනවා. මේ විදියට කල් අරන් පිළියෙළ කරන්නේ මේ මාළු වර්ගය ගොඩක් විෂ සහිත නිසයි. වැරදීමකින් හරි හරිහැටි වේලිලා නැති, පරණ වෙලා නැති හකාල් කෑවොත් බඩේ දරුණු ආබාධ, ස්නායු ආබාධ හා මරණය වුණත් ඇති වෙන්න පුළුවන්.

What is Hákarl and how to taste it

සන්නක්ජි (Sannakji)

සන්නක්ජි කියන කොරියානු ආහාරය සකසන්නේ නක්ජි කියන කුඩා බුවල්ලන්ගෙන්. බුවල්ලන්ව කුඩා කැබලි වලට කපලා තල තෙල් ඉහල අමුවෙන්ම පිළිගන්වනවා. නමුත් බුවල්ලන්ගේ අඩු වල තියෙන ස්නායු ක්‍රියාකාරිත්වය නිසා මේ ආහාරය පිළිගන්වන කොටත් ඒ අඬු කැබලි චලනය වෙනවා. මේ අඬු වල චලනය නිසා මේ ආහාරය උගුරේ හිර වෙලා හුස්ම හිරවීමකට ලක් වෙලා මරණය පවා සිදු වෙන්න පුළුවන්.

Sannakji - Gastro Obscura

ෆූගූ (Fugu)

ෆූගූ එහෙමත් නැත්නම් පෆර් ෆිෂ් කියන්නේ ලොව භයානකම කෑම අතරින් ඉහළින්ම තියෙන ආහාරයයි. මාරාන්තික විෂ වර්ගයක් වෙන සයනයිඩ් වගේ 1200ක විෂක් ෆූගූ මාළුවා තුල අන්තරගත වෙනවා. ඒ නිසා මේ මාළුවාව කෑමට පිළියෙළ කරන්න විශේෂිත ක්‍රමයක් තියෙනවා. හැබැයි එක්සත් ජනපදයේ මේ ආහාරය තහනම් කරලා තියෙන්නේ. නමුත් ෆූගූ ජපානයේ තමයි වැඩියෙන්ම ආහාරයට එකතු කරගන්නේ. මේ මාළුවාව නිවැරදි ආකාරයට පිළියෙළ කරන්න ඉගෙන ගන්න ජපන් සුපවේදියෙක්ට වසර ගණනාවක් අවශ්‍ය වෙනවලු.

FUGU – JAPANESE DISH MADE OF POISONOUS FISH - OYAKATA

ඇකී (Ackee)

ෆූගූ වගේම එක්සත් ජනපදයේ තහනම් මේ ඇකී නම් පළතුර ජැමෙයිකාවේ ජාතික පළතුර හැටියට සැලකෙනවා. මේ ඇකී පළතුර හරිහැටි ඉදිලා නැති අවස්ථාවක කෑවොත් දැඩි සේ විෂ වෙන්න පුළුවන්. මොකද ඉදුණේ නැති ඇකී ගෙඩි වල හයිපොග්ලයිසින් කියන විෂ වර්ගය ඇතුළත් වෙනවා. මෙහි මදය පමණක් නෙමෙයි ඇටත් ඉතා විෂ සහිතයි. මෙයින් යම් ප්‍රමාණයක් ශරීර ගත වුණොත් වමනය, කොමා තත්වය ඇති වෙලා මරණය පවා ළගා වෙන්න පුළුවන්.

What Is Ackee Fruit?

මෙවැනි භයානක ආහාර භාවිතයේ දී නිසි ක්‍රමවේදයන් අනුගමනය කළේ නැති වුණොත් නම් ජීවිතයත් මරණයත් අතර වෙනස තත්පරයක් පමණ විය හැකි බව දැන් ඔයාට තේරෙනවා නේද.

(Dinithi Thilakarathne @ COLOMBO TIMES)