colombotimes.lk
සිංහල | English

13 September 2024


මුම්බායි යුද නෞකාවක් අද දිවයිනට



ඉන්දීය නාවික හමුදාවට අයත් INS මුම්බායි යුද නෞකාව අද (26) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ තෙදින නිල සංචාරයක් සඳහායි.

මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ, මෙම යුධ නෞකාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඩෝනියර් සමුද්‍ර මුර සංචාර ගුවන්යානා සඳහා අත්‍යාවශ්‍ය අමතර කොටස් රැගෙන එනු ඇති බවයි.

 දෙරටේ නාවික හමුදා අතර සුහදතාවය වර්ධනය කර ගැනීමද, මෙහි එක් අරමුණක් බව එම නිවේදනයේ සඳහන්.

මෙම යුද නෞකාව මෙරටට පැමිණෙන ප්‍රථම අවස්ථාවද මෙය වනවා.

INS මුම්බායි යුද නෞකාව එළබෙන 29 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

(colombotimes.lk)