colombotimes.lk
සිංහල | English

17 September 2024


පුරාවස්තු සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට



පුරාවස්තු යැයි සැකකෙරෙන කිරිගරුඬ බුදුපිළිමයක්, වාලම්පුරියක්, පැරණි කාසි 02ක් සහ මැටි පිඟානක් විකිණීම සඳහා වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ පාදුක්ක පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත පාදුක්ක නගරයේ කළ වැටලීමකදී මෙම සැකකරුවන් හා පුරාවස්තු යැයි සැකකෙරෙන භාණ්ඩ පොලිස් භාරයට ගෙන තිබෙන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18, 40 සහ 48 යන වයස් වල පසුවන හඳපාන්ගොඩ පදිංචිකරුවන් බවයි වාර්තා වෙන්නේ.

මේ පිලිබඳ හඳපාන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

(colombotimes.lk)