colombotimes.lk
සිංහල | English

17 September 2024


මැතිවරණ රැලියකින් සෙල්ලම් පිස්තෝලයක් මතු වෙයි



වැලිමඩ පැවති ජනාධිපතිවරණ ජන හමුවකට සෙල්ලම් පිස්තෝලයක් රැගෙන පැමිණි තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සරසවි සිසුවෙක් සහ උසස් පෙළ හදාරන සිසුවෙක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඌව පරණගම හා අඹගස්දෝව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)