colombotimes.lk
සිංහල | English

17 September 2024


මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයන් දෙලක්ෂයක්



ඉදිරි මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් 200,000ත් 225,000ත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ඡන්ද මධ්‍යස්ථාන 13,000ක ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සිදු කරන බවයි.
(colombotimes.lk)