colombotimes.lk
සිංහල | English

17 September 2024


මැතිවරණ රාජකාරි සඳහා දෙලක්ෂය ඉක්ම වූ රාජ්‍ය සේවකයන් පිරිසක්



මෙවර ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් දෙලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසක් යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ අවශ්‍ය රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණය කොටස් වශයෙන් තෝරා ගන්නා බවයි.

ඒ අනුව අයදුම්පත් කැඳවා සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදා ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

(colombotimes.lk)