colombotimes.lk
සිංහල | English

17 September 2024


ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි



ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඝාතනයට සම්බන්ධ දෙවන තුවක්කුකරු සහ මෝටර් රථ රියදුරු බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ පානදුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පානදුර පිංවන්ත ප්‍රදේශයේදී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

(colombotimes.lk)