colombotimes.lk
සිංහල | English

17 September 2024


හෙරොයින් සහ අයිස් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට



හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 960ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 360ක් ළඟ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තණමල්විල පොලිස් වසමේ බෝදාගම ප්‍රදේශයේදී.

තණමල්විල පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24ක් හා 26ක් වන තණමල්විල දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වෙන්නේ.

තණමල්විල පොලීසිය මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

(colombotimes.lk)