colombotimes.lk
සිංහල | English

17 September 2024


එවරස්ට් කන්දෙන් ලෝක වාර්තා දෙකක්



එවරස්ට් කන්ද තරණය කර ලෝක වාර්තා තැබීමට නේපාල ජාතික කඳු නගින්නෙක් සහ බ්‍රිතාන්‍ය ජාතික කඳු නගින්නෙක් සමත්ව තිබෙනවා.

එහිදී 29 වරක් එවරස්ට් තරණය කළ නේපාල ජාතික 54 හැවිරිදි කමයි රීටා ෂෙර්පා ලොව වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කළ පුද්ගලයා බවට නැවතත් පත් වුණා.

මීට පෙරද එම වාර්තාවට හිමිකම් කීවේ කමයි රීටා ෂෙර්පා විසින්.

මේ අතර පසුගියදා එවරස්ට් තරණය කළ බ්‍රිතාන්‍ය ජාතික කෙන්ටන් කූල් මෙවර 18 වැනි වරට එවරස්ට් තරණය කළා.

ඒ අනුව ඔහු ඉතිහාසයට එක් වන්නේ වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කළ විදේශිකයා ලෙසටයි.

(colombotimes.lk)