colombotimes.lk
සිංහල | English

17 September 2024


යුක්‍රේනය රුසියානු ප්‍රහාරක ගුවන් යානා තුනක් විනාශ කරයි



ක්‍රිමියාවේ ගුවන් හමුදා කඳවුරකට යුක්‍රේනය සිදු කළ ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක ගුවන් යානා තුනක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම එහි ප්‍රධාන ධාවන පථය අසල ඉන්ධන පහසුකම් ද විනාශ වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව MiG-31 ප්‍රහාරක ජෙට් යානා දෙකක් සහ Su-27 ප්‍රහාරක ජෙට් යානයක් විනාශ වී ඇති බව සඳහන්.

එමෙන්ම එහි MiG-29 ප්‍රහාරක ගුවන් යානයකට ද හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)