colombotimes.lk
සිංහල | English

17 September 2024


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවට සමගි ජන බලවේගය සූදානම්



සමගි ජන බලවේගය ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවකට  සූදානම් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර අද (27) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු යැයි ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලංකාවට පැමිණි සෑම අවස්ථාවකම සමගි ජන බලවේගය මුණගැසි සාකච්ඡා කළ බවත් ඔහු සදහන් කළා.

ඒ සෑම අවස්ථාවකදීම සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට බලපාන කොන්දේසි වෙතොත් ඒවා සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)