colombotimes.lk
සිංහල | English

17 September 2024


බලුකිස්ථානයේ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වෙයි



මේ වන විට දකුණු දිග පාකිස්ථානයේ, බලුකිස්ථාන ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත වෙමින් තිබෙනවා.  

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පෙරේදා එම ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයේ ස්ථාන 2කදී සිවිල් වැසියන් 40 දෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අමතරව පොලිස් ස්ථාන රැසකට අත්බෝම්බ හා වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බවයි.

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් මේ ප්‍රහාරය සිදු කර ඇති බව ප්‍රාන්ත පොලීසිය සඳහන් කර තිබෙනවා.

අධිවේගී මාර්ගයේදී සිවිල් වැසියන් ඝාතනය කිරීමේ වගකීම බාරගත් බලුකිස්ථාන විමුක්ති හමුදාව, පොලීසිවලට එල්ල වූ ප්‍රහාරවලටද සම්බන්ධ බවට බලුකිස්ථාන පොලිස් ප්‍රධානීන් සැක කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

 
(colombotimes.lk)