colombotimes.lk
සිංහල | English

17 September 2024


විශාඛාවෙන්, සන්නාලිය වෙනුවට 'වියමන්වරිය' ලෙස ගෞරව නාමයක්



කොළඹ විශාඛා විද්‍යාලයේ වාණිජ සංගමය මගින් සංවිධානය කළ වාණිජ දිනය 'විනිමය වියමන 2024' මැයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අද (8) පස්වරුවේ පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් අඩක් පමණ වන ඇඟලුම් නිශ්පාදන කර්මාන්තය කෙරෙහි අවධානය යොමු කරමින් මෙය සංවිධානය වූ අතර එම කර්මාන්තයේ නිරත වන දිරිය කාන්තාවන් උදෙසා 'වියමන්වරිය' යන ගෞරවනීය නාමය ජනගත කිරීම මෙහිදී  සිදු වුණා.

එහි සමාරම්භය සනිටුහන් කරමින් MAS ආයතනයේ සේවයේ නියුතු භාග්‍යා සෙනවිරත්න වෙත එම ගෞරව නාමය පිරිනැමීම සිදු කෙරුණා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන්, විද්වත් සාකච්ඡාවක් මෙන්ම දැරියන්ගේ රංගන, ගායන දක්ෂතාවයන්ගෙන් උළෙල වර්ණවත් වුණා.

'වියමන්වරිය' ගෞරව නාමය ජනගත කිරීම සඳහා ඩිජිටල් මාධ්‍ය නියෝජනය කරමින් Colombo Times වෙතද ඇරයුම් කළ තිබූ අතර එහිදී මාධ්‍ය ආයතන සඳහා වන සන්නස් පත්‍රය පිරිනැමීමද විශාඛා සිසුවියන් අතින් සිදුකෙරුණා.





(colombotimes.lk)