colombotimes.lk
සිංහල | English

17 September 2024


තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි



බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ'විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

වයඹ පළාතෙත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම නිවේදනයේ සඳහන්. 
 
ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 
 
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)