colombotimes.lk
සිංහල | English

17 September 2024


දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්



බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. 
 
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. 
 
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බව ද එම නිවේදනයේ සඳහන්. 
 
අද දින (29) දහවල් 12:11ට පලවි (කිලිනොච්චිය දිස්ත්‍රික්කය) සහ චලෙයි (මුලතිවු දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇති.
(colombotimes.lk)