colombotimes.lk
සිංහල | English

17 September 2024


පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩි වීමේ හැකියාවක්



දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වන බව ද එහි සඳහන්. 
 
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකියි. 
 
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. 
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)