colombotimes.lk
සිංහල | English

17 September 2024


කොදෙව් කාන්තාවන්ට එරෙහිව ශ්‍රී ලංකා කාන්තාවන්ට තරගාවලි ජයක්



කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව අද (18) පැවති දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 31ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 92ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 21යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී තරගය ජය ගත්තා.

ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2 - 0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.  

දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය එළඹෙන 21 වනදා පැවැත්වෙනවා.

(colombotimes.lk)