colombotimes.lk
සිංහල | English

17 September 2024


තීරු බදු නොගෙවා ආනයනය කළ දුම්වැටි 20,000කට සිදු වුණ දේ



ඩුබායි සිට තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අද (01) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී නීති විරෝධී දුම්වැටි 20,000ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)