colombotimes.lk
සිංහල | English

18 October 2024


ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් එන අපේක්ෂකයා නම් කරන දිනය මෙන්න



ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු නම් කිරීම මේ මස අවසානයේදී සිදුකරන බව නාමල් රාජපක්ෂ පවසනවා.  

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4-6 අතර කාලයකදී ඔහුව ජයග්‍රහණය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බවයි.  

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය මඟින් ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයකු නම් කිරීමට ප්‍රමාද ඇයිද යන්න පිළිබඳව සිදු කළ විමසීමකදී බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)