colombotimes.lk
සිංහල | English

17 September 2024


ආර්ථික සහ සමාජීය අර්බුදය නැවතත් මතු වෙයිද ?



දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙලෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදු වුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37වන වාර්ෂික සමුළුවට එක්වෙමින්.

මූල්‍ය සහ ණය තිරසරභාවයක් නැවත ස්ථාපිත කිරීම වර්තමානයේ මෙන්ම අනාගතය උදෙසා වූ මූලික අවශ්‍යතාවක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)