colombotimes.lk
සිංහල | English

17 September 2024


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට රීට් ආඥාවක්



අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත රීට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ පුද්ගලයන් 41 දෙනෙක් විසින් මිලදී ගෙන තිබෙන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද එකලස් කරනු ලැබූ වාහන ඔක්තෝබර් මස 31 වනදාට පෙර වහාම ලියා පදිංචි කිරීමට පියවර ගන්න ලෙස බල කරමින්.

එමෙන්ම එක් එක් පෙත්සම්කරුවන්ට රුපියල් 10,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් එම තීන්දුවේ සඳහන් බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)