colombotimes.lk
සිංහල | English

17 September 2024


හැරී සහ මේගන්ගේ Archewell පදනමට තහනමක්



කැලිෆෝනියාවේ පුණ්‍යායතන සහ අරමුදල් රැස්කරන්නන්ගේ රෙජිස්ට්‍රි විසින් හැරී කුමරු සහ මේගන් මාක්ල්ගේ Archewell පදනම වැරදිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

ඒ, වාර්ෂික මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන්.

2020 වර්ෂයේදී ඔවුන් විසින් දියත් කරන ලද පුණ්‍යායතන පදනම 2023 පෙබරවාරි මාසයේ සිට වාර්ෂික ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු වාර්තා හෝ අලුත් කිරීමේ ගාස්තුව ගොනු නොකිරීම හේතුවෙන් මෙලෙස වැරදිකරුවෙකු ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)