colombotimes.lk
සිංහල | English

18 October 2024


කෝප් සහ කෝපා කමිටුවල සභාපතිත්වය විපක්ෂයට ඉල්ලයි



අද (22) පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර විපක්ෂයට ලබා දෙන ලෙසටයි.

අරගල සමයේ දී කථානායකවරයා මෙම ධූර විපක්ෂයට ලබා දෙන බවට ලිඛිතව පොරොන්දු වූ බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර සිටියා.

එය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානයට යොමු කරන බව නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(colombotimes.lk)