colombotimes.lk
සිංහල | English

17 September 2024


දේශගුණ පෙරළියත් සමඟ ලෝක උරුම 50ක් අවදානමේ - සිංහරාජයත් ඒ අතර



ලෝක දේශගුණ පෙරළියත් සමඟ යුනෙස්කෝ ලෝක උරුමයන් 50ක් පමණ 2050 වසර වන විට අහිමි වීමේ අවධානමක් ඇති වී තිබෙනවා.

ඒ Cli mate x නම් ගංවතුර, වෙරළ ඛාදනය, නාය යෑම්, කුණාටු ආදී දේශගුණික විපත් මනින මොඩලය යොදාගෙන සිදු කළ පරීක්ෂණයකට අනුවයි.

ගං වතුර සහ අධික උණුසුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිංහරාජයද අවදානම් ලෝක උරුමයක් බවට පත් වී තිබෙනවා.

සිංහරාජ වනය අවදානම් පෙදෙස් අතරින් 5 වන තැනට නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

(collombotimes.lk)