colombotimes.lk
සිංහල | English

18 October 2024


ඡන්දෙට බඩු ගන්න කොමිසම ලංසු කැඳවයි



මැතිවරණය සඳහා අවශ්‍ය වන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව නොමැකෙන තීන්ත, ලිපිකවර, පෑන්, පැන්සල්, කාබන් කොළ, මුද්‍රණ කඩදාසි, ඇමුණුම් කටු ඇතුළු මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය ලිපිද්‍රව්‍ය මිලට ගැනීමට ලංසු කැඳවීම අද (22) ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එළඹෙන අගෝස්තු (02) ජාතික තරගකාරී ක්‍රමයට කැඳවා ඇති ලංසු විවෘත කර එය ප්‍රදානය කිරීමටද කටයුතු යොදා තිබෙනවා.

(colombotimes.lk)