colombotimes.lk
සිංහල | English

17 September 2024


විවාදයට ගත් පනත් 03ක් සංශෝධන නොමැතිව සම්මත වෙයි



පාර්ලිමේන්තුව අද (03) රැස්වූ අවස්ථාවේදී පනත් කෙටුම්පත් 03ක් සම්මත වී තිබෙනවා.

ඒ අනුව විදේශ විනිශ්චයන් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර කම්කරුවන්ගේ ජාතික අවම වැටුප් (සංශෝධන) පනත් කෙටුම්පත ද සංශෝධන නොමැතිව සම්මත වී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත් තුනට අදාළ දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 4.40 දක්වා පැවැත්වුණු අතර ඉන් අනතුරුව පනත් තුන පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)