colombotimes.lk
සිංහල | English

17 September 2024


LTTEය ගැන ගත් තීරණය



LTTE කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම දීර්ඝ කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම තහනම තවත් වසර 5ක් සඳහා දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

රටේ ඒකීයභාවයට සහ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)