colombotimes.lk
සිංහල | English

17 September 2024


වැසි සමඟ ඩෙංගු යළි හිස ඔසවයි



පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීම යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 34,906ක්.

ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 14,248ක් ලෙසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 8452 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙක් මියගොස් තිබෙන බවයි.

මේ හේතුවෙන් ඩෙංගු මඳුරුවන් බෝ වන ස්ථාන විනාශ කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(colombotimes.lk)