colombotimes.lk
සිංහල | English

15 September 2024


මාසයක් තුළ මැතිවරණ පැමිණිලි 1,745ක්



2024 ජනාධිපතිවරණයට අදාළව පූර්ව මැතිවරණ සමය තුළ ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ (31) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 153ක් ලැබී ඇති බවයි.

එමෙන්ම ජූලි 31 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා මාසයක කාල සීමාව තුළ ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1,745ක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්,



(colombotimes.lk)