colombotimes.lk
සිංහල | English

17 September 2024


කෘෂිකාර්මික නිෂ්පාදනයේ පහත වැටීමක්



මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 2.63ක් වී තිබෙනවා.

මහ බැංකුව සඳහන් කළේ පෙර මහ කන්නයට වඩා මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනයේ 2.4%ක අඩුවීමක් පෙන්නුම් කරන බවයි.

පසුගිය මැයි මාසයේදී මත්ස්‍ය නිෂ්පාදනය 5.3%කින් පහත වැටී තිබෙනවා.

එමෙන්ම මහ බැංකුව නිකුත් තුළ කෘෂිකාර්මික දත්තයන්හි දැක්වෙන්නේ එම කාලය තුළ පසුගිය වසරට සාපේක්ෂව දේශීය සීනි ආදායම 33.8%කින්, පොල් නිෂ්පාදනය 0.5%කින් පහත වැටී ඇති බවයි.

මේ අතර තේ නිෂ්පාදනය 7.4%කින් සහ දේශීය රබර් නිෂ්පාදනය 27%කින් පහත වැටී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නිෂ්පාදන සඳහා ගෝලීය මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


(colomobtimes.lk)