colombotimes.lk
සිංහල | English

17 September 2024


කෝන්වැල්ල කඳු රක්ෂිතයේ ගින්නක් - අක්කර 10ක් විනාශ වෙයි



වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෝන්වැල්ල කඳු රක්ෂිතයේ ඊයේ (28) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.

රාත්‍රී කාලයේ ගින්න කඳු රක්ෂිතය පුරා පැතිර ගොස් රක්ෂිතයේ අක්කර 10කට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.  

පොලීසිය සැක කරන්නේ කිසියම් පුද්ගලයෙක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි.

අද (29) අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා.

(colombotimes.lk)