colombotimes.lk
සිංහල | English

17 September 2024


ගංවතුර තත්ත්වයක් ගැන දැනුම්දීමක්



කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණියට අයත් ඉහළ ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

එමෙන්ම තවදුරටත් වර්ෂාව ඇදහැළෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඉදිරි පැය 24ක කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාරිග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දී තිබෙන්නේ අතුරු මාර්ග ජලයෙන් යට වීමේ අවදානමක් පවතින අතර ඒ හේතුවෙන් සැළකිල්ලෙන් කටයුතු කරන ලෙසයි.

(colombotimes.lk)