colombotimes.lk
සිංහල | English

17 September 2024


උල්හිටිය රත්කිද ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත කරයි



උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු 5ක් අද (09) පස්වරුවේ විවෘත කර තිබෙනවා.

එම ජලාශ භාර නිලධාරී දීප්ත ජයසේකර කියා සිටියේ ජලාශයේ පහළ ප්‍රදේශයේ වෙසෙන ජනතාවට දැඩි අවධානයෙන් සහ කල්පනාකාරීව සිටින ලෙසයි.  

එමෙන්ම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ගිරාදුරුකෝට්ට උල්හිටිය මාර්ගයේ රත්කිද කෝසුව ප්‍රදේශය ජල පහරින් යට වන බවත් ඒ හේතුවෙන් ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් ඔහු දැනුම් දුන්නා.

(colombotimes.lk)