colombotimes.lk
සිංහල | English

03 May 2024

රජයේ විදේශ සංචිතවල කැපී පෙනෙන වර්ධනයක්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මෙරට විදේශ සංචිතවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව වත්මන් රජය ක්ෂය වී තිබූ විදේශ සංචිත සැලකිය යුතු අයුරින් යළි යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ බවයි ඔහු පැවසුවේ.

මීට අමතරව ආවේනික දුෂ්කරතා මධ්‍යයේ වුවද බාධක ජයගෙන රට ආර්ථික ස්ථාවරත්වය කරා ගෙන යාමට රජය සමත් වී ඇති බව ඔහු පෙන්වා දුන්නා.

ඊයේ (22) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති “ස්ථාවර දේශයක් සඳහා සාමූහික මාවත” මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ අදහස් පළකලා.
(colombotimes.lk)