colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉරාන ජනපති රැගත් හෙලිකොප්ටරය හදිසියේ ගොඩබස්වයි



ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර‍යේ හටගත් හදිසි දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබෑමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ජොල්ෆා ආසන්නයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තවත් හෙලිකොප්ටර් දෙකක් ආරක්ෂිතව ගොඩ බස්වා ඇති බව ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී අහමඩ් අලිරෙසබෙයිගි පවසනවා.

ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසන්නේ ගලවා ගැනීමේ පිරිස් එම ස්ථානයට ළඟා වීමට උත්සාහ කරන නමුත් අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඔවුන්ගේ උත්සාහයට බාධා එල්ල වන බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය තිබූ ස්ථානය තවමත් සොයාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)