colombotimes.lk
සිංහල | English

17 September 2024


ඇමරිකාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් ලංකාවට



සාගර, ජාත්‍යන්තර පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජෝන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඇය අගෝස්තු 17 සිට අගෝස්තු 31 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කොළඹ, ඉන්දියාවේ චෙන්නායි සහ නවදිල්ලිය, මාලදිවයිනේ මාලේ යන රටවල සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඇයගේ සංචාරයේදී සොබාදහම සහ සමුද්‍ර සංරක්ෂණය, ප්ලාස්ටික් සහ වායු දූෂණය, දේශගුණික අර්බුදය, වන විනාශය, ස්වභාවික අපරාධ, සිවිල් සහ වාණිජ අභ්‍යවකාශ ක්‍රියාකාරකම්, STEMහි කාන්තාවන් සහ ගැහැණු ළමයින් ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර නිල් ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 19 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේදී ඇය රාජ්‍ය නිලධාරීන් සහ හවුල්කරුවන් හමුවී එක්සත් ජනපදයේ සහය ලබන වනජීවී ආරක්ෂණ ව්‍යාපෘති නැරඹීමට සහ ජලවිද්‍යාව සහ දේශගුණික විපර්යාස වැනි ප්‍රමුඛතා ක්ෂේත්‍රවල එක්සත් ජනපද විශේෂඥයින් සමඟ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කිරීමේ අවස්ථා ගවේෂණය කිරීම සිදු කරනු ලබනවා.

(colombotimes.lk)